Tuesday, May 1, 2018

අඩු වයසින් මැරෙන්න ඕනිනම්,පොඩි ළමයට අංශභාගය හදවන්න ඕනිනම් තව කොත්තු රයිස් කරන්න

”කුරුණෑගල මගෙන් ප්‍රතිකාර ගන්න එන අයගෙන් ගොඩක් අය වයස 40-50 පසුවන්නන්. මේ අතර අංශ භාගය හැදුණු තරුණ අය ප්‍රතිකාර ගන්න පැමිණීම වැඩිවෙලා තියෙනවා. සමහරුන්ට වයස 40 යි. වම් අත පණ නෑ. නැත්නම් දකුණු අත පණ නෑ. මේ වැඩි දෙනා කුරුණෑගල ගොවිතැන් කරන අය. මං හොයලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපානවා. එකක් තමයි කෘමිනාශක, වල් නාශක භාවිත කරන රාසායනික ගොවිතැනේ යෙදීම. දෙවැනි හේතුව තමයි මෙයාලා ගොවියො වුණාට රෑට ගොඩක් කන්නේ කොත්තු සහ රස කාරක යෙදූ බත්. එහෙම නැත්නම් රයිස්. මොකද ඒවා කෑවම බඩ පිරෙන නිසා. මං හිතන්නේ මෙයාලට අංශභාගය හැදෙන්න මේ කොත්තු සහ රයිස් කන එකත් ප්‍රධාන හේතුවක්.” මේ ඉකුත් දිනක වැලිසර රෝහ‍ලේ වෛද්‍ය ‍පෝෂණ විද්‍යා විශේෂඥ නිරෝෂ් බණ්ඩාරට කතා කළ විට ඔහු හෙළි කළ ලොමුදැහැගන්වන කතාවකි. අපේ ආහාර සංස්කෘතිය තුළ මේ වනවිට ඉහළට පැමිණ තිබෙන්නේ කොත්තු රයිස් සංස්කෘතියයි. ‍ලේසියට පහසුවට හැමෝම බලන්නෙ කොත්තුවක්, රයිස් එකක් කාලා බඩ පුරවගන්නයි. එසේ පහසුවට කෑවද මේ කොත්තු රයිස් පිටුපස තිබෙන කතාව තිත්ත එකකි. කොත්තු හෝ රයිස් කෑමෙන් අංශභාග වැනි රෝග හැදෙන්නේ කෙසේද? මෙයට කලකට පෙර තරුණ ළමයකුට සැත්කමක් කළා. ඔහු හිටිහැටියේ අංශභාග රෝගියෙක් වුණා. වසර දහයක් තිස්සේ ගමෙන් කොළඹට ඇවිත් රැකියාවක් කරන ඔහු ඒ වසර දහයෙම කාලා තියෙන්නේ කොත්තු සහ රයිස්. ඔහු අංශභාග රෝගියෙක් වුණේ ඒ නිසයි. මේ කොත්තු සහ රයිස් හැදීමේදී භාවිත කරන්නේ වරක් භාවිත කළ එළවළු තෙල් වර්ග. මේ බාල එළවළු තෙල් ආදිය සුපිරි හෝටල්වලින් ඕන තරම් ගන්න පුළුවන්. මේවා ලොකු කෑන් එකක් වෙන්නේ රුපියල් 200ක් වගේ මුදලක්. ඉතින් කොත්තු රයිස් හදන අය විතරක් ‍නෙවෙයි, කඩල බදින, වඩේ බදින, මුරුක්කු හදන අනෙක් සියලුම බයිට් වර්ග හදන අය 99ක්ම භාවිත කරන්නේ මේ බාල තෙල් වර්ග. ඒ විතරක් ‍නෙවෙයි ලංකාවේ කෑම කඩවලින් 90කට වැඩි ප්‍රමාණයක් ආහාර පිසීම සඳහා භාවිත කරන්නේ වරක් භාවිත කළ තෙල් වර්ග. අන්න ඒ නිසා තමයි මේවා කෑවම ලෙඩ හැදෙන්නේ. හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. මේ තෙල් වර්ග රුධිර වාහිනිවලට ගිහිල්ලා ඒවායේ ඝනවීම් ඇති කරනවා. රුධිරවාහිනිවල ‍ලේ කැටි වැඩි කරනවා. ඉතින් එතනින් තමයි අංශ භාග රෝග ආදිය හැදෙන්නෙ. අපට ඕනතරම් අත්දැකීම් තියෙනවා රෝහල්වලට ඇතුළුකරන රෝගීන් හේතුව හොයාගන්නත් කලින් හිටිහැටියේ මැරිලා යනවා. ඒකට හේතුව තමයි කොත්තු රයිස් සංස්කෘතිය. වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර ඉහත දැක්වූ කරුණු අනුව පෙනෙන්නේ රසකර කර ඔබ අප නිතර අනුභව කරන ජනප්‍රිය ආහාරවල සැඟවුණු මාරයෙක් ඇති බවය. එහෙයින් ඒ ආහාර සංස්කෘතිය පිළිබඳ යළි සලකා බැලීමට කාලය එළඹ තිබේ. නිතර අප දකින දසුනක් නම් මේ රටේ ගම් නගරවල හන්දිගානේ තිබෙන බයිට් කඩය. එසේම වඩේ බදින තැන්ය. මේවා සඳහා බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර යළි යළි භාවිත කරන තෙල් වර්ගය. විශේෂයෙන් රටකජු ආදිය බැදීමට බෙහෙවින් භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර එළවළු තෙල්ය. තාච්චිය කළු පාට වෙනකම් මේ තෙල් යළි යළි භාවිත කරන බව පෙනේ. අපේ මව්පියන්, වැඩිහිටියන් කිසිදු වගවිභාගයක් නැතිව පුංචි දරුවන්ට බයිට් වර්ග ආදිය ඇති පදමට අරන් දෙනවා. අද අපේ ළමයි අතර අධික ස්ථුල අය ගොඩක් ඉන්නවා. ඒකට හේතුව තමයි මව්පියන් කිසිදු වග විභාගයක් නැතිව ඔවුන්ට වඩේ, බයිට් වර්ග ආදිය කන්න දීම, මොකද මේවා ගොඩක් හදලා තියෙන්නේ අර මුලින් කිව්වා වගේ ප්‍රමිතියෙන් තොර තෙල්වලින්. ඒ වගේම ගොඩක් පාසල් යන ළමයින්ට දැන් කොලෙස්ටරෝල් වැඩිවෙලා තියෙනවා. මගේ ළඟට ආවා ප්‍රතිකාර කරන්න ෆැටීලිවර් තියෙන ළමයි. ස්කෑන් කරලා බැලුවම එයාලට ෆැටීලිවර්. මොකක්ද මේකට හේතුව උදේට කන්නෙ පාන්, රෑට කන්නෙත් පාන්. බතුයි එළවළුයි කන්නේ ටිකයි. මීට අමතරව බයිට් වර්ග ඕන තරම් කනවා. ඒවගේම වයස 43ක තරුණ ලෙඩෙකුට මම ප්‍රතිකාර කරනවා එයාට දියවැඩියාව, ඒවගේම අංශභාගය හැදිලා. මෙයා මොනවද කන්නේ? මෙයා හැමදාම කාලා තියෙන්නේ කොත්තු. මේ රයිස් වගේම කොත්තු හදන්න භාවිත කරන්නේ ප්‍රමිතියෙන් තොර තෙල්. ගොඩක් බයිට් වර්ග බදින තැන්වල ඒවගේම කොත්තු රයිස් හදන තැන්වල තියෙනවා කහපාට කෑන් එකක්. අන්න ඒකේ තියෙන තෙල් තමයි පාවිච්චි කරන්නේ. මං මුලින් කිව්ව විදියට අපේ රෝහල්වල හිටිහැටියේ රෝගීන් මැරෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළිවෙලා තියෙන්නේ එයාලට හාට් ඇටෑක් කියලා. මේවගේ හිටිහැටියේ හාට් ඇටෑක් හැදෙන්නේ ප්‍රමිතියෙන් තොර ආහාර භාවිතය නිසයි. සාමාන්‍ය ජනතාව පමණක් ‍නෙවෙයි වෛද්‍යවරුන් අතරත් මේ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඉහළ ගිහින් තියෙනවා. වෛද්‍යවරුන් අතරින් 40කට දියවැඩියාව තියෙනවා. විශේෂයෙන් එළවළු තෙල් ඉහළ උෂ්ණත්වයකට ලක්කිරීමේදී ට්‍රාන්ස් ෆැට් බවට පත්වෙනවා. මේ ට්‍රාන්ස් ෆැට් හදවත් රෝග ඇතුළු රෝග රැසකට හේතුවක්. ඇත්තෙන්ම එළවළු තෙල් කවදාවත් බදින්න ගන්න හොඳ නැහැ. ගැඹුරු තෙ‍ලේ බදිනවා නම් ගන්න ඕන පිරිසිදු ‍පොල් තෙල්. පිරිසිදු ‍පොල් තෙල් පාවිච්චි කරනවා නම් ඔය බොහෝ ලෙඩ සුවවෙනවා. වෛද්‍ය නිරෝෂ් සඳහන් කරන පරිදි එළවළු තෙල් නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි, කපු බිජ ආදිය යොදාගනී. මේ එළවළු තෙල් නිෂ්පාදනයේදී විෂ වර්ග එකතු වේ. මෙකී බිජවලින් තෙල් පෙරා ගැනීමේ දී භාවිත කරන රසායනික වර්ග නිසා බිජවල අන්තර්ගත ස්වාභාවික ‍පෝෂ්‍ය පදාර්ථ විනාශ වේ. අවසානයේ තෙල් නිපදවෙන්නේ පෙරී ඉතිරිවන රොඩුවලින්. මේ නිසා එළවළු තෙල් භාවිතයෙන් තොරවිය හැකි නම් එමගින් බොහෝ ලෙඩරෝග වළක්වා ගත හැකි බව පෙනේ. “මේ විදියට කොත්තු සහ රයිස් ආහාර සංස්කෘතියට ගොදුරු වුණොත් 2020 වන විට වයස 40 50 වනවිට මියයන සංඛ්‍යාව වැඩිවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එය මට දැනට තියෙන කරුණු අනුව නිශ්චිතව සඳහන් කරන්න පුළුවන්. එමගින් අපේ රට සහ ජාතිය ප්‍රබල අර්බුදයකට මුහුණපාන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ නිසා කොත්තු රයිස් සංස්කෘතියෙන් මිදිලා වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට යොමුවීමට කාලය ඇවිල්ලා. විශේෂයෙන් අපි අපේ දූදරුවන්ට වස විසෙන් තොර ආහාර පුරුදු කරන්න ඕන.” වෛද්‍ය නිරෝෂ් බණ්ඩාර සඳහන් කළ ඉහත දැක්වූ කරුණු දේශීය ආහාරපාන ගැන උනන්දුවන මේ අවුරුදු සිංහල අවුරුදු සමයේ දී අවධානයට ගැනීම යෙහෙකි. උපුටා ගැනීම – රිවිර online / වරුණ අබේසේකර
    

Monday, August 7, 2017

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක් කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ. ”මහත්තයල දන්නවද, මම ඉස්සර අන්ධ කෙනෙක් නෙවේ. මට මෙහෙම උනේ මට මහ විශාල පවකට සම්මාදන් වෙන්න උනු නිසා” මෙහෙම කිව්වම කට්ටිය අන්දුන්කුන්දුන්… “මොකද්ද සීයේ උනේ…?” මහත්තයලට කියන්න, මම H.C.P. Bell මහත්තයගෙ කාලේ මෙතන සීගිරියේ එයා යටතේ කැණීම වලට අත් උදව් දීපු සේවකයෙක්. ඒ කාලේ හිටපු අයගෙන් දැන් මම විතරයි ඉතුරු. (H.C.P. Bell කියන්නේ ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ලංකාවේ පුරාවස්තු බොහොමයක් හොර රහසේම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනගිය බවට මොහුට චෝදනා එල්ල වෙනවා) ඉතින් ඒ කතාව සීයා ඒ පාර කිව්වලු. අපි සීගිරියේ කැණීම කර කර ගල මුදුනටම ගියා. ගල මුදුනේ නොයෙක් පුදුම හිතෙන නිර්මාණ අපිට හම්බුනා. එතන කට්ටිය කැණීම කරනකොට අපිට හොයාගන්න පුළුවන් වුණා පඩිපෙලක්. මේ පඩිපෙළ සිගිරිය ගල මුදුනේ ඉඳං ගල පාමුල වෙනකන්ම යනවා ගල ඇතුලෙන්. ඒ ගැන හාන්කවිසියක් පිටට පේන්නේ නෑ. පඩිපෙලේ තැනින් තැන ගිමන් නිවන්න කාමර තියනවා. ඒ කාමර වල තිබිල අපිට බොහොම වටිනා පුරාවස්තු හුගක් හම්බුනා. බෙල් මහත්තයා ඒ ඔක්කොම එකතු කරගෙන එලියට ගෙනාවා. පස්සෙ අපිට කිව්වා ඒ පඩිපෙලේ ගල මුදුනේ දොරකඩ කොන්ක්‍රීට් දාලා සම්පුර්ණයෙන් වහන්න කියල.. අපිට පුදුම හිතුනා, ඒත් අපි කිව් විදියට කරා. එදායින් පස්සෙ ඒ වැඩේට ගිය අපි කාටවත් හොඳක් උනේ නෑ. සමහරු ලෙඩ උනා. සතා සීපාවා ගහල මැරුණා. ගහක් ගලක් වගේ හිටපු මම දවසක් උදේ නැගිට්ටේ මෙහෙම අන්ධ වෙලා. මෙහෙම කියපු ඒ සීයා අඬන්න ගත්තලු. මේ කතාවේ ඇත්ත නැත්ත ඔයාලම තීරණය කරන්න. හැබැයි ඇත්තටම කියනවනම්. සිගිරිය ඉහලට රජ කෙනෙකු, අද අපි යන්න වගේ දාඩිය පෙරාගෙන ගිනිකුට අව්වේ අර වගේ පටු පඩිපෙලක් දිගේ ගියා කියලනම් හිතන්න බෑ. රජුට ඉක්මනින් පහසුවෙන් සහ රජ කෙනෙක් විදියට යන්න විශේෂිත ගමන් මාර්ගයක් තිබිය යුතුමයි. මේ ගැන පරීක්ෂණ කරපු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සුසිර උඩලමත්ත මහතානම් කියන්නෙ, ඒ කාලේ රජුට ඉහලට ගමන් කිරීමට විශේෂ සෝපානයක් තිබුන කියලා. මේක හඳුන්වන්නේ කර්කටක යන්ත්‍රය කියලා. මොකද මේක කකුළුවෙක් වගේ හැඩයක් සහ යාන්ත්‍රණයක් තියෙන නිසා. සිගිරිය ගලේ එක අන්තයක කෙලින්ම සිරස්ව ඉහලට යන සහ තිරස්ව යන ඉනිමගක් වැනි කුඩා track පද්ධතියක් ගලේම කොටලා තියෙනවා දැකගන්න පුළුවන්. මේක තියෙන්නෙ කර්කටක යන්ත්‍රයේ දැති රෝද වලට ගමන් කරන්න කියල තමයි කියන්නේ. සිගිරිය ජල උද්‍යානය ගත්තත් ඒක සුවිශේෂයි. එහි ප්‍රධාන දොරටු හදල තියෙන්නෙ කෙලින්ම ඉහළට ඔසවන විදියට. මේ සඳහා යොදාගත්තු විශාල ගල් උලුවහු අදත් දැකගන්න පිළිවන්. මේ විශාල ලී ද්වාර එසවීමට යොදාගෙන තියෙන්නෙ අලි ඇතුන්.ඒ වගේම සිගිරිය ජල උද්‍යානය ගත්තත්, ඒක හදල තියෙන්නේ ඒකට ඇතුල් වෙන කෙනෙක්ව එක්වරම මුලා වෙන විදියට. හොඳින් නිරීක්ෂණය කරොත් පේනවා ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා යනකොට එක හරියකදී එකපාරටම සිගිරිය ගල නොපෙනී යන බව. ඒ විදියටයි ඒ ගමන් මාර්ගය හදල තියෙන්නේ. ඒ වගේම සිගිරිය ජල උද්‍යානයේ තියෙන වතුරමල් අදටත් වැඩ කරනවා. ඒත් වතුර එන්නෙ බොහොම අඩුවෙන්. මේකට හේතුව තමයි සිගිරිය වැවේ ජල මට්ටම ඉතාමත් අඩු වීම. අතීතයේදී සිගිරිය වතුරමල් සහ ජල උද්‍යානයට ඉහළින් තමයි සිගිරිය වැවේ ජල මට්ටම පිහිටලා තියෙන්නේ. ඒකෙන් ඒ කාලේ සීගිරියට සතුරන්ගෙන් ආරක්ෂාවත් ලැබුණා. මේ නිසා ඉතා විශාල ජල පීඩනයක් යටතේ මේ වතුර මල් බොහොම උජාරුවෙන් ඉහළට වතුර විදින්න ඇති. ඒත් පසුකාලීනව සිගිරිය අවට ප්‍රදේශය සංචාරක කලාපයක් විදියට සංවර්ධනය කරන්න ගත්තම සිගිරිය වැව ගොඩ වුණා. Sigiriya Village වගේ සුපිරි හෝටල් අද තියෙන්නෙ සිගිරිය වැව තිබුන හරියේ. අද සිගිරිය වැව දිය හිඳුනු නිකං නමට වැවක්. සීගිරිය ගල මුදුනට වතුර ගෙනගිය ආකාරයද අභිරහසක්. මේ සඳහා ජල පොම්ප කිරීමේ තාක්ෂණයක් යොදාගෙන තියෙන බවයි සමහරු කියන්නේ. ඒත් වර්තමානයේ පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ මේ සඳහා ඊට වඩා බොහොම සරල ක්‍රමයක් භාවිතා කර ඇති බවයි. එනම් සංසක්ති බල. විද්‍යාව කරපු අය දන්නවා සංසක්ති බල කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ එකම වර්ගයේ අංශු අතර ඇති වන ආකර්ෂණ බල (මට මතක විදියට වැන්ඩවාල් බල) ඒ අය කියන විදියට සිගිරිය ගල මුදුනේ නිර්මාණය කර තිබෙන ජල පොකුණු වලට නිරන්තරයෙන් වැහි වලාකුළු ආකර්ෂණය වෙනවා. හේතුව සිගිරිය මුදුනේ තියෙන පොකුණු වල ජලයේ ජල අංශු සහ වැහි වලාකුළු වල ජල අංශු එකිනෙක ආකර්ෂණය වීම. මේ සංසිද්ධිය වෙනත් උස් කඳු මුදුන් සහ උස ගල් පර්වත මුදුනේ ඇති ජලය රැස්වෙන ස්ථාන වල දැකගන්න පුළුවන්. එමගින් ලැබෙන වර්ෂාවෙන් නිරන්තරයෙන් සිගිරිය ගල මුදුන ජලයෙන් ස්වයංපෝෂිත වෙනවා. මෙවැනි ක්‍රමයක් මේ සඳහා යොදාගැනීමට තවත් හේතුවක් තියෙනවා. එනම් හදිසියෙවත් සතුරු හමුදාවක් සිගිරිය ආක්‍රමණය කරා කියල හිතමු. සීගිරියට ජලය ගෙනියන්නේ විශාල පොම්පයකින් නම් හතුරන්ට මේ පොම්පය විනාශ කරල හරි පහල තියෙන ජල මුලාශ්‍ර වලට වස මිශ්‍ර කරල හරි ගල මුදුනේ ඉන්න පිරිසව අසරණ කරන්න පුළුවන්. ඒත් මම මුලින් විස්තර කරපු සංසක්ති බල ක්‍රමය නිසා ගල මුදුනේ ඇති වගාවන් හෝ ඔවුන්ගේ පානිය ජල අවශ්‍යතා එතැනින්ම සුරක්ෂිතයි. ස්වයන්පොෂිතයි. උපුටා ගැනීමකි
    

Saturday, July 22, 2017

නයි පිට නයි යැවූ ෆෙස්බුක් නයාගේ ඇත්ත මෙන්න

ෆේස්බුක් කියන්නේ ඉතිං අපි ගොඩක් අයට නෑවිත් ඉන්නම බැරි තැනක්නේ.ඔන්න ඉතිං ෆේස්බුක් එකට ආපු නයෙක් ගැන මේ දවස් වල හැමෝම කතා වෙනවා.ගොඩක් ෆේස්බුක් පිටුත් මේ ගැන කියලා තිබුණා.

හැබැයි එයාලා මේ ගැන කියලා තිබුණේ වැරදියට. #ran කියලා comment කළාම මේ නයා මතුවෙනවා කියලයි ගොඩක් ෆේස්බුක් පිටුවල තිබුණේ.ඒත් ඇත්ත නම් ඒක නෙමෙයි.

මේ  Snake on Screen Joke කියලා ඇප් එකක්.මේ ඇප් එක ඔයාලගේ ෆෝන් එකට install කරගත්තට පස්සේ start ගිහින් show snake කියන පුවරුව ඔබපු ගමන් මේ නයා ඔයාලගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක මතට එනවා.

නයි විතරක් නෙමෙයි.කැරපොත්තෝ, මීයෝ, මාලුවෝ වගේ ගොඩක් සත්තු වර්ග යොදලා මේ ඇප් එක හදලා තියනවා.

    

Tuesday, July 18, 2017

ලංකාවේ සිටින සුපිරිතම ධනවතුන් 6 දෙනා

ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස Forbes සගරාව නම් කරන්නේ ධම්මික පෙරේරා මහතායි. ඔහුගේ සියළු වත්කම් වල වටිනාකම ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. කොළඹ කොටස් වෙළදපලින් 8% පාලනය වන්නේ ඔහුට හිමි ව්‍යාපාරයන්ගෙන බවයි පැවසෙන්න්නේ. විවිධ වර්ගමේ සමාගම් 23ක හිමිකාරීත්වය ඔහු සතුයි. මේ අතර ලංකාවේ ප්‍රධාන පෙලේ සමාගම් වන සම්පත් බැංකුව, වැලිබල් ෆිනෑන්ස් ආයතනය්, හේලිස් සමාගම, ඩෙල්මේජ් සමාගම, රෝයල් සෙරමික්, හොරන ප්ලාන්ටේෂන්, ලංකා සෙරමික් ආයතනද තිබෙනවා.1968 වර්ශයේදී පයාගල ප්‍ර දේශයේදී උපත ලබා ඇති මෙතුමා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක්. සොහිල් කැප්ටන් සහ රුෂි කැප්ටන් SOHLI AND RUSI CAPTAIN 82 වියැති Sohli සහ 47 වියැති Rusi දෙදෙනා පිය පුතු දෙපළකි. ඔවුන්ගේ වත්කම ඩොලර් මිලියන 185කි. ශ්‍රී ලංකාවේ දෙවන ධනවත්ම පුද්ගලයින් දෙදෙනා ලෙස සැලකෙන්නේ කැප්ටන් පවුලේ මේ පිය පුතු දෙපළයි. ඔවුන් සුප්‍රකට ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමි පුද්ගලයින් දෙදෙනා වේ. මීට අමතරව තවත් පුද්ලික සමාගම් ගණනාවකම හිමිකාරීත්වය ඔවුන් සතුවේ. හැරී ජයවර්ධන Stassens’ group හි සභාපතීත්වය දරණ හැරී ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ධනවතුන් අතර පසුවන්නේ 4 වන ස්ථානයේයි. ඔහුට කොසටස් හිමි සමාගම් අතර Aitken Spence සමාගම සහ the Distilleries Company of Sri Lanka සමාගමද වේ. හැරී සෙල්වනාතන් සහ මනෝ සෙල්වනාතන් ශ්‍රී ලංකාවේ ධනවතුන් අතරින් 5 වන සහ 6 වන ස්ථානය හිමිවන්නේ 68 හැවිරිදි මනෝ සහ 66 හැවිරිදි සෙල්වනාතන් සහෝදරයින් හටයි. ඔවුන්ට Carson Cumberbatch, Bukit Darah සහ Ceylon Beverage Holdings සමාගම් වල හිමිකාරිත්වය තිබෙනවා. ඔවුන් මීට වසර 100කට පමණ පෙර ඉන්දියාවේ සිට ව්‍යාපාර සදහා ලංකාවට පැමිණි ඉන්දියානුවෙකුගේ මුණුබුරන් බවයි පැවසෙන්නේ.
    

Monday, July 17, 2017

මයිකල් ජැක්සන් මැරුනා නොව මරාදැමූ බව පවුලේ සාමජිකයෙක් හෙලි කරයි.

පැරිස් ජැක්සන්’ යන නම ඇසෙද්දී එක් වර එකවුදැයි සිතාගන්නට ඇතැමෙතුට අපහසු වන්නට ඇත. නමුත් ඇගේ ‘පැරිස් මයිකල් කැතරින් ජැක්සන්’ වන දීර්ඝ නමත්, මෙහි ඇති ඡායාරූපත් දැකීමෙන්, මේ විස්තරය කියවන්නට කලින්ම බොහෝ දෙනෙකුට මේ කවුරුන් ගැන පවසන්නේ ද යන නිගමනයක් ඇති කරගන්නට හැකි වනු ඇත. පොප් ලෝකය දෙවනත් කළ, තවමත් ලොව පුරා සංගීත රසිකයන්ගේ හදවත්වල ජීවත්වන සුප‍්‍රකට ඇමරිකානු ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය පිළිබඳවය. 1998 අපේ‍්‍රල් 3 වැනිදා ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස්වල උපන් ඇය මේ වන විට 19 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ප‍්‍රින්ස් ජැක්සන් සහ ප‍්‍රින්ස් මයිකල් ‘බ්ලැන්කට්’ ජැක්සන් නමින් සහෝදරයන් දෙදෙනෙකු සිටිති. මෑතක් වන තුරුම පැරිස් ජැක්සන් පිළිබඳව ලෝකයේ තරම් අවධානයක් යොමුව නොතිබුණත්, මෑතකදී ‘රෝලිං ස්ටෝන්ස්’ නම් සඟරාව ඔස්සේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා ඇය පිළිබඳ එක්වර ලෝකයේ දැඩි අවධානයකට යොමු විය. ඇය මේ සාකච්ඡාවේ දී තරයේම පැවසූයේ තම පියා මිය ගියා නොව මරා දැමුවාය කියාය. මයිකල් ජැක්සන් මිය යන මොහොතේ ළඟින් සිටි වෛද්‍ය කොන්රාඞ් මරේ, නිර්වින්ද ඖෂධ මගින් තම පියා මරා දැමූ බව පැරිස් චෝදනා කළාය. ජැක්සන් පවුලේ තවත් හෙළිදරව් නොවූ රහස් බොහොමයක්ම තිබෙන බවත් තමා ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන්නට අපේක්ෂාවෙන් සිටින පොත තුළින් මේ සියල්ල හෙළිකරන බවත් ඇය පවසන්නීය. පැරිස්ගේ මුත්තණුවන් සහ මිත්තණිය ද මෙම රහස් හෙළිකිරීම සම්බන්ධව දරන්නේ කැමැත්තක් බවත් ඇය පවසන්නීය. ඇගේ මේ තීරණය පිළිබඳ ඇතැමුන් පවසන්නේ එය ඇගේ නිර්භීත ක‍්‍රියාවක් ලෙසය. කෙසේ වෙතත් ඇතැමකු පවසන්නේ මෙය ඇතැම් විට ඇගේ අඥාන තීරණයක් ද විය හැකි බවය.
    

පිරිමින් සොයා එන බෝදිලිමා ගැන ඔබ නොදත් කතාව

පිරිමින්ට වෛර කරන ගැහැනුන්ට බිය බෝදිලිමා යනුවෙන් ඉකුත් 26 වැනිදා ඉරිදා සංග්‍රහයේ සියපත පිටුවක ලිපියක්‌ දුටුවෙමි.මෙම ලිපියේ බෝදිලිමා කුමන සතෙක්‌දැයි පැහැදිලිව පේනවා තිබුණේ නැත. නමුත් ඌ රාත්‍රි කාලියේ එළිබසින, අප්‍රියජනක හඬක්‌ නඟන, යම් ලෙසකින් ඌට වෙඩි තැබුවොත් දැකිය හැක්‌කේ කටුස්‌සෙකු යන කරුණුවල සත්‍යතාවක්‌ ඇත. කෙසේ වෙතත් බෝදිලිමා වෙස්‌මාරුකරන සතෙකු නම් නොවේ. අප රටේ ඇතැමුන් බෝදිලිමා නොහොත් බෝදිලියා දැක තිබෙන්නට පුළුවන. නමුත් ඒ බෝදිලිමා යෑයි වටහා ගැනීමේ හැකියාවක්‌ නොතිබෙන්නට ඇත්තේ ඌ ගැන හරි විස්‌තරයක්‌ නොදැනීම නිසා විය හැක.බෝදිලිමා කටුසු වර්ගයට අයත් කුඩා සතෙකි. පිලිපීනයේ මෙම සතා කෑගසනු බොහෝ විට ඇසේ. එහෙත් දැකිය හැක්‌කේ කලාතුරකිනි. එයට හේතුව ඌ කලඑළි බසින්නේ රාත්‍රි කාලයේ නිසයි. බෝදිලිමා කෑගසන හඬ ටොකෝ - ටොකෝ කියා මට ඇසුනද පිලිපීනුවන්ට ඇසෙන්නේ තොකෝ තොකෝ - තොකෝ යනුවෙන් නිසා ඔවුන් මේ සතාට කියන්නේද තොකෝ කියායි.කන් බිහිරි කරවන තරමේ උගේ කෑ ගැසීම ඇතැම් විට සැතපුම් කාලක්‌ භාගයක්‌ තරම් දුරකට ඇසේ. මා පිලිපීනයේ සැන් ක්‍රිස්‌තෝබල් ගමේ සිටියේ සැන් ක්‍රිස්‌තෝබල් විදුහලේ කාමරයකයි. එහි මුළුතැන්ගේ මේ හඬ පළමුවරට ඇසී ඒ ගැන විමසූ විටයි ඌගේ තරම දැනගත්තේ. ඉන් පසු මාද පසු වුණේ තරමක බියකිනි. ඔවුන් පවසන හැටියට තොකෝ මිනිසාට ඉතා බිය දක්‌වන සතෙකි. බොහෝ විට හැංගී ජීවත්වන්නේ ඒ නිසයි. නමුත් යම් ලෙසකින් ඌට මිනිසා මඟ හැර යැමට නොහැකි වුවොත් ඌ ඇඟට පැන මිනිස්‌ සිරුර තදින් ග්‍රහණය කර ගනී. උගේ දික්‌ වක්‌වූ නිය සම මස්‌ පසා කරගෙන ඇතුළට කි¹ බසියි. එවිට ඉන් මිදීමට ඌට පවා අපහසුය. ඌ ගලවා දැමීමට තව අයෙකුගේ උදව්ව අවශ්‍ය වේ. ඇතැම් විට ඌ මිනිස්‌ සිරුර සපා කයි. එහෙත් ලේ උරා බීමක්‌ සිදු නොකෙරේ. මේ හේතුව නිසා පිලිපීන්නු පවා තොකෝට බිය දක්‌වති. වරක්‌ ඉහත කී පාසලේ පංති කාමරයක තොකෝවෙක්‌ සිටිනු දුටු පංති කාමරයේ ළමුන් පමණක්‌ නොව දෙදහසකට ආසන්න මුළු පාසලේම ළමුන් කලබල වූහ. පසුව ඌ මරා දැමීය. අඟල් 4 1/2 ක්‌ පමණ වූ මේ සතා කටුස්‌සෙක්‌ නේදැයි මට සිතුනි. වෙනසකට දුටුවේ තියුනු වක්‌වුණු නිය පමණි. පාට බොර පැහැයෙන් යුතුයි. මෙම සතා මිනිස්‌ සිරුරට පැන ලේ උරා බොන බවත්, ගැහැනුන්ට පමණක්‌ බිය බවත් යන කියමන් මුසාවකි. බෝදිලිමා වෙස්‌ මාරුකරන හොල්මන් සතෙකු යෑයි මේ රටේ අය තුළ ඇති මතය සහමුලින්ම මුසාවකි. මේ සතා ගැන කට කතා පැතිර ඇත්තේ ඌ කලාතුරකින් දැකිය හැකි නිසාය. පිලිපීනයේ පවා මෙම සතාගෙන් පිඩාවක්‌ විඳි තොරතුරක්‌ නම් අසන්නට ලැබනේ නැත. මිනිසෙකු දුටු මීයෙකු ක්‍ෂණිකව සැඟවෙන්නාක්‌ මෙන් මෙම සතාද සැඟවේ. රාත්‍රියේ පමණක්‌ ගොදුරු සොයා යයි. බෝදිලිමා ගැන අප දරන පුහු බිය හා තොරතුරු ඉදිරි පරපුරට පැවැසීමෙන් වැළකී සිටීම වැඩිහිටි කාගේත් වගකීම විය යුතුයි. කුණ්‌ඩසාලේ ජයවීර බණ්‌ඩාර අතපත්තු
    

Sunday, July 9, 2017