Monday, July 17, 2017

මයිකල් ජැක්සන් මැරුනා නොව මරාදැමූ බව පවුලේ සාමජිකයෙක් හෙලි කරයි.

පැරිස් ජැක්සන්’ යන නම ඇසෙද්දී එක් වර එකවුදැයි සිතාගන්නට ඇතැමෙතුට අපහසු වන්නට ඇත. නමුත් ඇගේ ‘පැරිස් මයිකල් කැතරින් ජැක්සන්’ වන දීර්ඝ නමත්, මෙහි ඇති ඡායාරූපත් දැකීමෙන්, මේ විස්තරය කියවන්නට කලින්ම බොහෝ දෙනෙකුට මේ කවුරුන් ගැන පවසන්නේ ද යන නිගමනයක් ඇති කරගන්නට හැකි වනු ඇත. පොප් ලෝකය දෙවනත් කළ, තවමත් ලොව පුරා සංගීත රසිකයන්ගේ හදවත්වල ජීවත්වන සුප‍්‍රකට ඇමරිකානු ගායක මයිකල් ජැක්සන්ගේ එකම දියණිය පිළිබඳවය. 1998 අපේ‍්‍රල් 3 වැනිදා ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස්වල උපන් ඇය මේ වන විට 19 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇයට ප‍්‍රින්ස් ජැක්සන් සහ ප‍්‍රින්ස් මයිකල් ‘බ්ලැන්කට්’ ජැක්සන් නමින් සහෝදරයන් දෙදෙනෙකු සිටිති. මෑතක් වන තුරුම පැරිස් ජැක්සන් පිළිබඳව ලෝකයේ තරම් අවධානයක් යොමුව නොතිබුණත්, මෑතකදී ‘රෝලිං ස්ටෝන්ස්’ නම් සඟරාව ඔස්සේ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසා ඇය පිළිබඳ එක්වර ලෝකයේ දැඩි අවධානයකට යොමු විය. ඇය මේ සාකච්ඡාවේ දී තරයේම පැවසූයේ තම පියා මිය ගියා නොව මරා දැමුවාය කියාය. මයිකල් ජැක්සන් මිය යන මොහොතේ ළඟින් සිටි වෛද්‍ය කොන්රාඞ් මරේ, නිර්වින්ද ඖෂධ මගින් තම පියා මරා දැමූ බව පැරිස් චෝදනා කළාය. ජැක්සන් පවුලේ තවත් හෙළිදරව් නොවූ රහස් බොහොමයක්ම තිබෙන බවත් තමා ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන්නට අපේක්ෂාවෙන් සිටින පොත තුළින් මේ සියල්ල හෙළිකරන බවත් ඇය පවසන්නීය. පැරිස්ගේ මුත්තණුවන් සහ මිත්තණිය ද මෙම රහස් හෙළිකිරීම සම්බන්ධව දරන්නේ කැමැත්තක් බවත් ඇය පවසන්නීය. ඇගේ මේ තීරණය පිළිබඳ ඇතැමුන් පවසන්නේ එය ඇගේ නිර්භීත ක‍්‍රියාවක් ලෙසය. කෙසේ වෙතත් ඇතැමකු පවසන්නේ මෙය ඇතැම් විට ඇගේ අඥාන තීරණයක් ද විය හැකි බවය.
    

0 comments:

Post a Comment