Thursday, May 11, 2017

පිටසක්වල දියුණු ජීවීන් සිටින බව සනාථ වෙයි

පිටසක්‌වල දියුණු ජීවින් සිටිනවාද? පිටසක්‌වල දියුණු ජීවින් සිටිනවාද? ඒ බව සනාථ කිරීමට විවිධාකාර සාක්‌ෂි වරින් වර වෙබ් අඩවි ඔස්‌සේ කරළියට පැමිණෙයි. මේ වසරේ ජනවාරි මස හඳුනා නොගත්a පියාඹන වස්‌තුව පිළිබඳ ප්‍රවීණයන් අන්තර්ජාලයට මුදා හල වීඩියෝ පටයක ගමන් කරන දිලිසෙන අද්භූත වස්‌තුවක්‌ දක්‌නට ලැබුණි. අන්තර්ජාලික අභ්‍යවකාශ මධ්‍යස්‌ථානයේ සිට අභ්‍යවකාශයට යොමු කළ කැමරා වල දර්ශන සජීවීව බලාගැනීමට නාසා ආයතනය ඉඩ දී ඇතිs නිසා පිටසක්‌වල ජීවීන් සොයන බොහොමයක්‌ අය සාක්‌ෂියක්‌ සොයා ගැනීමට ඒවා දෙස බලා සිටින්නට පුරුදුව සිටී. අද්භූත වස්‌තුව දැක්‌වෙන එම වීඩියෝ පටයේ පසුබිමෙන් පෘථිවියද දකින්නට හැකි අතර අභ්‍යවකාශගාමියාගේ අත කැමරාව ඉදිරියට පැමිණීම නිසා දර්ශනයට බාධා පැමිණේ. පිටසක්‌වල ජීවින් සොයන අය චෝදනා කරන්නේ අද්භූත වස්‌තුව වසන් කිරීමට හිතාමතාම ඔහු අතිsන් දර්ශනය ඇහිරූ බවටයි. අද්භූත පියාඹන වස්‌තුව අභ්‍යවකාශයේ දර්ශනය වූ විට නාසා ආයතනය මීට පෙරත් කීප වතාවකදීම කැමරාව නවතා දැමූ බවට පිටසක්‌වල ජීවින් සොයන්නෝ චෝදනා කරති. ඒ චෝදනාවන් මඟහරින නාසා ආයතනය දක්‌වන්නේ දිලිසෙන දර්ශනය කැමරා කාචයේ දිලිසීමක්‌ බවටයි. පිටසක්‌වල ජීවින් පිළිබඳව අන්තර්ජාලයේ සොයන විට නාසා ආයතනය අඟහරු වෙත යෑවූ කියුරියොසිටි රෝවරය මඟින් පෘථිවිය වෙත එවූ ඡායාරූප රාශියක දර්ශන පෙළගැස්‌සේ. ප්‍රතිමාවක්‌, යානාවක්‌, ගුහාවකින් එබී බලන ජීවියෙක්‌, මිය ගිය පිටසක්‌වලයෙක්‌ ආදි වශයෙන් ඒවාට කළ අර්ථකථන රාශියකි. පිටසක්‌වල දියුණු ජීවීන් ඇති බවට බොහොමයක්‌ විද්‍යාඥයන් පවා අපේක්‌ෂා කළත් තවම ඒ පිළිබඳව සැකයකින් තොරව දැක්‌විය හැකි ප්‍රබල සාක්‌ෂි හමු වී නැහැ. දශක ගණනක්‌ තිස්‌සේ මිනිසා පෘථිවියෙන් පරිභාහිර වූ බුද්ධියක්‌ ඇත්දැයි සොයමින් සිටී. ඒ සම්බන්ධයෙන් නමක්‌ දරා සිටින සෙටි ආයතනය (SEඔෂ) පිටසක්‌වල බුද්ධිමත් ජීවීන් එවූ පණිවිඩයක්‌ ඇත්දැයි සෙවීමට දුරේක්‌ෂ මාලාවක ආධාරයෙන් විශ්වයට කන්දීගෙන සිටින්නේ වසර 32කටත් එහා සිටයි. ඒත් තවමත් පිටසක්‌වලින් එවූයේ යෑයි සිතිය හැකි පණිවිඩයක්‌ සොයා ගැනීමට නොහැකි වී තිබේ. පිටසක්‌වල බුද්ධිමත් ජීවීන් සිටින්නේ නම් ඔවුන් අප මෙන් ගවේෂණයේ යෙදෙන්නේ නැතිද තවමත් අප සොයා නාවේ මන්දැයි යන්න ප්‍රශ්නයකි. පෘථිවියෙන් පිට ජීවය ඇති බවට ප්‍රබල ඇඟවීම් තව වසර 20 ත් 30ත් අතර කාලය තුල සොයා ගැනීමට හැකි වනු ඇතැයි නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ එලන් ස්‌ටොµන් වාසයට සුදුසු ලෝක සහ පිටසක්‌වල ජීවීන් සෙවීමේ ප්‍රයත්න සම්බන්ධ සාකච්ඡාවකදී පවසා තිබුණි.. මේ අතර පිටසක්‌වල ජීවීන් සිටිනවා පමණක්‌ නොව ඔවුන් පෘථිවියට පැමිණ මිනිසුන් පැහැරගෙන යන බවටත් විශ්වාස කරන පිරිසක්‌ වේ. පිටසක්‌වල පැහැරගැනීම වෙනුවෙන් දිනයක්‌ද වෙන්වී ඇත. මාර්තු 20 දින පාරභෙ¾ම පැහැර ගැනීමේ දිනයයි. පිටසක්‌වල පැහැර ගැනීමේ දිනය ලෙසිනුත් එය හැඳින්වේ. මෙවැනි දිනයක්‌ ඇති වීම සම්බන්ධ හේතුව දැනගන්නට නොවුqණත් 2008 දී ටොරොන්ටෝ නුවර පැවැත්වූ පිටසක්‌වල පැහැරගැනීම් උත්සවය නම් විනෝද උත්සවයෙන් පසුව එවැන්නක්‌ ජනප්‍රිය වූයේ යෑයි මතයක්‌ පවතී. තමන් පිටසක්‌වලයන්ගෙ පැහැර ගැනීමකට ලක්‌ වූ බව කියන පිරිසක්‌ද සිටී. සෑම වසරකම වාගේ එවැනි සිදුවීම් වාර්තා වනු දැකිය හැකිය. ඔවුන්ගේ කට වචනය ඇරෙන්නට ඒ බව දුටු වෙනත් අයෙකු හෝ වෙනත් සාක්‌ෂි නොවන නිසා සහ ඇත්තෙන්ම ගොතන ලද සිදුවීම් ඇති නිසාත් බොහෝ සිදුවීම් විශ්වාස කිරීමේ ගැටලු පවතී. පැහැර ගැනීමට ලක්‌ වූ අය විස්‌තර කරන අත්දැකීම එතරම් සුන්දර බවක්‌ නොගනී. ඇතැම් කාන්තාවන් පවසන ආකාරයට ඔවුන්ව දෙමුහුන් දරුවන් උපද්දවන්නට යොදාගෙන ඇත. බොහෝ අය ඒවා බොරු විකාර කතා ලෙස නොසලකා හැරියත්a ඒ ගොඩටම දමන්නට නොහැකි සිදුවීම්ද පවතී. පිටසක්‌වලයින්ගෙ පැහැර ගැනීම් ලෙස පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ මුල්ම සිදුවීම ලෙස වාර්තා වන්නේ බෙටී සහ බානි හිල් යුවළ මුහුණ දුන් පැහැර ගැනීමයි. ඔවුන් පවසන ආකාරයට පැහැර ගැනීමට ලක්‌ වූයේ 1961 සැප්තැම්බර් 19 දිනයි. එදින ඔවුන් නිවාඩුවක්‌ ගත කර නිව් හැම්ෂයර් හි පිහිටි තම නිවස බලා එමින් තිබුණි. අතරමඟදි විශාල එළියක්‌ දැක ඇති අතර මුලින් සිතා ඇත්තේ එය කඩා වැටෙන තරුවක්‌ ලෙසයි. නමුත් එය විශාල වෙමින් පැමිණීම නිසා ඔවුන් වාහනය නවත්වා හොඳින් බලා ගැනීමට පිටතට පැමිණ තිබුණි. දුරේක්‌ෂයෙන් බලන විට දැක ඇත්තේ එය අමුතු හැඩයක වස්‌තුවක්‌ ලෙසටය’ සිටි තැනම හිඳ බලා සිටින ලෙස කිසිවෙකු දැනුම්දෙන බවක්‌ බානිට දැනී තිබුණු අතර බියපත් වූ ඔවුන් නැවත වාහනයට නැඟී වේගයෙන් පලා යන්නට සැරසුණි. ඒ වස්‌තුවද ඔවුන්ගේ වාහනයට ඉහළින් ගමන් කර ඇති අතර අමුතු මිමිනුම් හඬක්‌ ඇසී තිබුණි. ඉන්පසුව ඔවුන් පියවි සිහියට පැමිණ තිබුණේ ඔවුන් සිටි ස්‌ථානයට හැතැප්ම 35 ක්‌ දුරිනි. ඔවුන්ගේ ඇඳුම් ඉරී තිබුණු අතර අත් ඔරලෝසුද කැඩි තිබුණි. මේ සිදුවීම එක්‌සත් ජනපදයෙ ගුවන් හමුදාවට දැනුම් දීමෙන් පසුව හිල් යුවළ ගැන පරීක්‌ෂණ ඇරඹුණි. මෝහනයට පත් කල විට පළා යන අවස්‌ථාවේ විරුද්ධ වීමට නොහැකි තත්වයකට පත්ව තමා වාහනය කැලෑව දෙසට ගෙනගොස්‌ නැවැත්වූ බව බානි පැවසුවේය. එහිදී අඩි 4ත් 5ත් අතර උසක්‌ ඇති නිලඇ-ඳුමින් සැරසුණු 6 දෙනෙකු ඔවුන් හමුවට පැමිණ ඇත. ඔවුන් හිල් යුවළ යානය තුළට ගෙනගොස්‌ ඇති අතර එහිදී විවිධ පරීක්‌ෂණවලට භාජනය කළ බව සහ විවිධ නිදර්ශක ඔවුන්ගෙන් ගත් බව ප්‍රකාශ වුණි. මාස 6 කට පසුව නැවතත් මෝහනය කර සිටියදි බෙටී හිල් එම යානය පැමිණියේ යෑයි කියන තැන දැක්‌වෙන තරු සිතියමක්‌ ඇන්දා. ඒ සිතියම අනූව සමහර ප්‍රවීණයන් එයින් පෙන්වන තරු පද්ධතිය හ-ඳුනා ගෙන තිබේ. බෙටී පවසන ආකාරයට ඔවුන් දෙදෙනාව යානය තුළ වෙන වෙනම කාමර දෙකකට ගෙන ගොස්‌ තිබුණි. ඇයව කනප්පුව උඩ තබා ඇස්‌, කන්, නාසය සහ කට පරීක්‌ෂා කර පසුව මේසය මත තබා ස්‌නායු පද්ධතිය පරීක්‌ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇත. ඉන්පසුව ඔවුන් ඇගේ පෙකනියට ඉඳිකටුවක්‌ වැනි යමක්‌ ඇතුල් කරන්නට වී ඇති අතර එය වේදනාකාරි වූ නිසා නවතා ඇත. බානිට මුහුණ දෙන්නට වූයේද එවැනිම වූ පරීක්‌ෂාවකටය. වෙනසකට වූයේ බෙටීගේ ඇට පද්ධතිය ගැන වැඩි සැලකිල්ලක්‌ වීමය. Video > පහළින් හිල් යුවළගේ අත්දැකීම ප්‍රසිද්ධ වීමත් සමඟ ලොව නන් දෙසින් කිසියම් කාලයක්‌ පිළිබඳව දැනීමක්‌ නැති පැහැරගැනීමක්‌ යෑයි සැක ඇති පුද්ගලයින්ගේ විස්‌තර ඉදිරිපත් වන්නට විය.’ පැහැර ගැනීමට ලක්‌වූවන් පවසන තොරතුරු විමර්ෂණය කරන විට සෑම වයසකම අය ඒ අතර වේ. ඔවුන්ගේ ජීවිතයේ පැය ගණනක්‌ අතුරුදහන් වන අතර ඒ කාලය තුළ කුමක්‌ වූයේ දැයි ඔවුන්ට පැහැදිලි මතකයක්‌ නැත. පැහැර ගැනීම සිදුවන විට මිමිනීමක්‌ ඇසීමත් සුදු සහ නිල්පාට ආලෝකයක්‌ පැතිරීමත් අවධියෙන් සිටියත් කිසිවක්‌ කළ නොහැකි තත්වයකට පත්වීම වැනි අත්දැකීම් විස්‌තර වේ. පැහැර ගැනෙන අය සිදුවන දේ ඉවසා සිටින තත්ත්වයකට පත්වන අතර පොදුවේ ඔවුන් පිටසක්‌වලයන්ගේ යානයට ගෙනයාමත් නිර්වස්‌ත්‍ර කර මේසය මත දිගා කරලීමත් පරීක්‌ෂණ මාලාවක්‌ සිදුකිරීමත් ඩිම්බ සහ ශුක්‍රාණු ලබා ගැනීම දකින්න ලැබේ. මේසය මත කෙරෙන ක්‍රිsයාවලියෙන් පසුව සමහර විට ඔවුන්ව ළමයින් හමුවීමට වෙනත් කාමර වලට ගෙන ගොස්‌ තිබේ. ඒ ළමයින් මිනිස්‌ හෝ පිටසක්‌වල ජීවින් නොවන ඒ දෙක අතර මුහුවීමක්‌ පෙන්වන්නවුන්ය. ඒ දෙමුහුන් වර්ගයේ විවිධ වයස්‌ වල අයත් හමුවන්නට ලැබී ඇති අතර ඇතැම් අයට ඔවුන් සමඟ ලිංගිකව හැසිරෙන්නට පවා සිදුවී තිබේ. මිනිසුන් නැවත ඔවුන්ගේ ස්‌වභාවික පරිසරයට ගෙන ආ විගස ඔවුන්ට ඒ අත්දැකීම් සියල්ල අමතකව යයි. ඔවුන් අතර තේරුම් ගත නොහැකි තුවාල, කැළැල්, බද්ධ කිරීම්, ප්‍රජනක ගැටලු සහ ආතතිය වැනි ලක්‌ෂණ දැකිය හැකිය. සාක්‌කි වලට අනුව පැහැර ගැනීම්වලට වැඩිවශයෙන් වගකිව යුත්තේ අලු පැහැති මිනිස්‌ ස්‌වරුප වැනි පිටසක්‌වල ජීවින්ය. ඒ ඇරෙන්නට වන්දා වැනි, උරග වැනි සහ වෙනත් මිනිස්‌ වැනි ස්‌වරූප ඇති ජීවීන් ගැනත් වාර්තා වේ. මේ හැමෝම මිනිසුන් පැහැරගන්නේ ඔවුන්ගේ වාසි තකාම පමණක්‌ නොවන බවත් සමහර පැහැරගැනීම් වලින් මිනිසුන්ගේ අභිවෘද්ධිය සහ මිනිසුන්ට උපකාර කිරීම අරමුණ වී ඇති බවත් පෙනෙන්නට තිබේ.
    

0 comments:

Post a Comment