ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න එන කේන් වෙඩිසිංහ කරලිය June 06, 2017 වලස් මාමා - Walas Maama No comments ආනන්ද වෙඩිසිංහ කියන්නෙ කවුද කියල හොඳට දන්නවනෙ. ඔහු තමයි අපේ රටේ හිටපු අති දක්ෂ යතුරු පැදි ශූරයා. පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් ආනන්ද වෙඩිසිංහට ජීවිතයෙන් සමුගන්න සිදුවුණා. ආනන්දගේ පවුලේ තොරතුරු ගැන තරමක් කතා කරනවානම් ආනන්ද වෙඩිසිංහ ජපන් කාන්තාවක් සමඟයි විවාහ වෙලා හිටියේ . එයාට පුතාල දෙන්නෙක් දූලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔක්කොම ජපානයේ පදිංචියි. තාත්තගේ වියෝවෙන් පස්සේ ගොඩ දෙනෙක් කතා කල සංවේදී ප්‍රකාශයක් පුත් කේන් වෙඩිසිංහ කළා. එනම් ” මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා” කියල. ඔහු ටික කාලයක් ලංකාවේ රේස් පැදලා තියෙනවා. ශුරතා දිනාගෙනත් තියෙනවා. අපි බලමු ඉස්සරහට කේන් ගේ ආගමනය මොන වගේ වේවිද කියල Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment