Saturday, July 8, 2017

නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තැබූ ලෝක වාර්තාව

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කන්ඩායම ලබාදු ලකුණු 310 ඉලක්කය හඹායන ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 248 ලබාසිටිනවා. මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ධනුෂ්ක ගුණතිලක (116) සහ නිරෝෂන් දික්වැල්ල (102) සිය මංගල ශතක වාර්තා කිරීමට සමත් වුණා. එක්දින තරඟවලදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක වාර්තා කළ අවස්ථා 34ක් වාර්තාවන අතර ඉන් 8දෙනෙකුම ශ්‍රීලාංකිකයන්. එමෙන්ම මෙය ශ්‍රී ලංකික පිතිකරු යුගලක් ලකුණු 200 වැඩි සම්බන්ධතාවක් පැවැත්වූ 10 වන අවස්ථාව ලෙසද වාර්තාවනවා.ඉන් අවස්ථා 7කට උපුල් තරංග දායක වී තිබිම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාවය එක්දින තරඟයන්හි ආරම්භක පිතිකරු යුගලක් මංගල ශතක ලබාගනිමින් ලකුණු 200ක සම්බන්ධතාවක් පැවැත්වූ පළමු අවස්ථාව ලෙසද සැළකෙනවා.
    

0 comments:

Post a Comment