Allure of the seas කියන්නේ ඇමරිකානු Royal Caribbean Cruise සමාගමට අයත්
යාත්‍රාවක්. මෙය ලොව මෙතෙක් නිපදවා ඇති විශාලතම මගී ප්‍රවාහන නෞකාවයි. 2010
දී ගමන් ආරම්භ කල මෙය නිපදවීම සඳහා රු. කොටි විසිදහසකට ආසන්න මුදලක් වැය
වෙලා තිබෙනවා.
මෙය මගී ප්‍රවාහන නෞකාවක් කිව්වාට මෙය සැබවින්ම මුහුදේ පාවෙන දැවැන්ත තරු
පහේ හෝටලයක්. සුබෝපොභෝගී කාමර 2706 කින් සමන්විත මෙම නැවේ මගීන් 6296 කට
ඉතාමත් සැප පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලසා තිබෙනවා. මීට අමතරව රටවල් 80 කින්
පැමිණ මෙහි සේවය කරන කාර්යය මණ්ඩලය 2384 ක්.
මහල් 16 කින් සමන්විත යාත්‍රාව දිගින් මීටර් 360 ක් වනවා. ජල මට්ටමේ සිට
ඇති උස මීටර් 65. නැවට විදුලිය සැපයීම සඳහා මෙහි වෙනම මෙගා වොට් 100 ක
විදුලි බලාගාරයක් පිහිටුවා තිබෙනවා. ටොන් 225 000 ක බරක් රැගෙන යා හැකි මෙම
නැව නිපදවා ඇත්තේ සිදුවිය හැකි ඕනෑම අනතුරකින් කිසිම මගියෙකුට හානියක්
සිදු නොවිය හැකි පිරිදිය.
Monday, June 5, 2017
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment