Sunday, June 4, 2017

ලොවක් හැඬවූ ඡායාරූපයක ඔබ නොදත් කතාව – Photos

මේ හද සසල කරවන ඡායාරූපය තුල දකින්නට ලැබෙන්නේ තමන්ගේ පුතාගේ දුර්වල වූ ශරීරය තම දෑතේ රඳවාගෙන මහත් වේදනාවෙන් හඬා වැටෙන වඳුරු මවකුයි .ලොවපුරා මේ ඡායාරූපය දුටු බොහෝදෙනාගේ හදවත් සංවේදී කරන්නට සමත්වී තිබෙනවා.
ඉන්දියාවේ ජබල්පූර්නම් ප්‍රදේශයේදී අවිනාෂ් ලෝධි නම් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසුවු මෙම අවස්ථාවේ ඉතාමත් අධික උණුසුමකින් වටපිටාව රත්වී තිබු බවත් විජලනය තත්ත්වයට පත්වීමෙන් මේ වඳුරු පැටියා සිහිසුන් වී තම මවගේ දෑතමත සිටි බවයි පැවසෙන්නේ. මේ අවස්ථාවේ මෙම වඳුරු මව සිතා ඇත්තේ තම පුතා මරණයට පත්වී ඇති බවයි. එම නිසා ඇය විලාප නගමින් හඬා වැටෙන ආකාරය මේ ඡායාරූපයේ දකින්නට ලැබෙනවා.
කෙසේවුවත් මේ කතාවේ අවසානය සතුටුදායක වී තිබෙනවා. ඒ තමයි මෙම වඳුරු පැටියා ටික වේලාවකින් නැවත නැගිට කිසිවක් නොවූලෙස මොවුන් දෙදෙනා ඇවිදගෙන යාමයි. මේ ඡායාරූපය අප හදවත සංවේදී කරන්නට සමත්වුන අතරම මෙයින් පැහැදිලිවන්නේ මව් සෙනෙහස මනුෂ්‍යාට පමණක්ම සීමා වුනු සෙනෙහසක් නොවන බවයි.
එම ඡායාරූපය පහතින්.
    

0 comments:

Post a Comment