නම අහලා පුරුදු උනාට කවදාහරි උලමාව
දැකලා තියෙද?හැබැයි දැකපු අය නම් මේ පෝස්ට් එක කියවන එකකුත් නෑ.මොකද කියනවා
නම් උගේ සද්දෙට පට්ට බයක් දැනෙන්නේ.(මටත් එක පාරක් ඇහිල
තියෙනවා.අත්දැකීමෙ� ��් කියන්නෙ)උලමා කියන සතා ගැන ලොකු අත්භූත කතාවක්
තියෙනවා.ඇත්තම කියනවා නම් උලමා කියන්නේ අපේ සංස්කෘතිය අනුව හොල්මනක්.ඉස්සර
පොඩි එවුන් කන්නෙ නැති උනාම උන්ව බය කරන්න ලොකු අය කියපු පච කතා තමයි අපිව
තාම බය කරන්නෙ.
උලලේනා,උල කුරැල්ලා,යක් කුරැල්ලා මේ
හැම නමක්ම කියන්නෙ උලමටම තමයි.මිනිස්සු කියන විදිහට උලම කියන්නෙ මරණය ගෙන
එන සතෙක්.දෙකද කියනවා නම් උලමා ඇඩුවෙත් දවස් 7ක් ඇතුලත අනිවාර්යෙන්ම මරණයක්
අහන්න වෙනවලු.(මට නන් අහන්න ලැබුනෙ නෑ.හැබැයි ගොඩක් අය නන් විස්වාසෙන්ම
කියනවා කතාව ඇත්ත කියලා.)හැබැයි ඉතින් උලමා ඇඩුවම මරණයක් වෙනවා කියලා ගොඩක්
විස්වාස කරන අය බයටම මැරෙනවා වෙන්නත් පුලුවන්.මොනවා උනත් ගම් වල මිනිස්සු
උලමාට මාර බයයි.හැබැයි උලමගේ හඩ අහල තියෙනන් ඌට බය වෙන එක සාධාරණයි කියලා
ඔයාලටම හිතෙයි.
උලමා අඩන්නේ හරියට ගෑණු කෙනෙක්ගේ බෙල්ල මිරිකන කොට කෑ ගහන
විදිහටමයි.මාර මූසල සද්දයක් තියෙන්නෙ.පලවෙනි සැරේටම අහන කෙනෙක් නම් මාර
විදිහට බය වේවි.මාරයගෙ හඩනෙ ඉතින්.බය නෙවී කොහොමද?ඌ කෑගහන්නෙ රෑට.කිසිම
සද්දයක් නැතුව දවල්ට හැංගිලා ඉදලා රෑට තමයි වැඩ පෙන්නන්නෙ.මේ සතා ගැන
පුරාවෘත ගොඩක් තියෙනවා.හැබැයි ඉතින් ඒ හැම එකක්ම එක වගේ.ඒ කතා වලින් තියෙන
ප්රසිද්ධම එක කියන්නම්.ටිකක් දුක කතාවක්.මන් කෙටියෙන්ම කියන්නන්කො,
ඉස්සර එක අඹු සැමි යුවලකුයි පොඩි
ලමයෙකුයි හිටියලු.හැබැයි ඉදල තියෙන්නෙ සතුටින් නම් නෙමේ.හැමදාම දෙන්න
වලිලු.ලමයාගෙ තාත්තා ලමයට ආදරේ නැති උනාට ලමයගෙ අම්මා ලමයට පණ වගේ
ආදරේලු.හේතුවක් ඇතුව හරි නැතුව හරි ඒ තාත්තගෙ වැඩේම අම්මටයි පුතාටයි ගහන
එකයි බනින එකයි තමයි.අම්මත් ඉතින් පුලුවන් විදිහට ඉවසනවා.දවසක් මේ තාත්තා
හවස ගෙදර ආපු වෙලාවක අම්ම ගෙදර ඉදලා නෑ.ගෑනි එක්ක තියෙන තරහා පුතාගෙන් පිට
කරන්න හිතපු මේ තාත්තා පුතාට හොදටම ගහලා.තාත්තගෙන් ගුටි කාපු මේ පුතා
ඉවසගන්න බැරැවම මැරිල වැටිලා.ඊට පස්සෙ මේ මනුස්සයා කරල තියෙන්නෙ පුතාව කෑලි
වලට කපල හට්ටිහක දාලා කුස්සියෙ තියලා.කිසිම දෙයක් දන්නෙ නැති මේ අම්මා
ගෙදර ඇවිත් මස් හට්ටිය උයලා.උයල ඉවර වෙලා තමන්ගෙ පුතා බඩගින්නෙ ඇති කියලා
හිතල පුතාට කවන්න බත් පංගුවකුත් බෙදාගෙන පුතාට කතා කරාලු.වෙනදා එක පාරක්
කතා කරාම දුවගෙන එන පුතා අද නෑනේ.පුතාව හෙයලා හොයලා ගොඩක් මහන්සි වෙලා
හිටපු මේ අම්ම පුතාට කවන්න බෙදාගෙන ආපු බත් පත දිහා බලන කොටලු දැකලා
තියෙන්නෙ පුතාගේ ඇගිල්ලේ තිබුන මුද්ද මස් හෙද්දෙ තියෙනවා.සිද්ධ වුන දේ
අම්මට තේරැනා.තමන්ගෙ පුතාව තමන්ම උයලා.දුක දරා ගන්න බැරුව ඒ අම්මා කෑ ගහ ගහ
අඩලා.ඒ විතරක් නෙමේ මස් උයපු හැන්දෙන් ඔලුවට ගහ ගෙනම ඒ අම්මත් මැරිලා.ඒ
වෙලාවෙ ඒ අම්ම විදපු වේදනාවයි ඒ තාත්තා ගැන ආපු වෛරයයි නිසාම ඒ අම්මා උලමා
කියන කුරැලු ආත්මය ලබලා.ඒ අම්ම මැරුණ වෙලාවෙ කෑ ගහපු හැටියටලු උලමා
කෑගහන්නේ.කවදා හරි උලමාගේ සද්දෙ අහන්න ලැබුනොත් ඔයාලටත් දැනේවි උගේ හඩේ
තියෙන වේදනා බර කම.
මේක පුරාවෘතයක් විතරයි.ඇත්ත වෙන්නත්
පුලුවන් නොවෙන්නත් පුලුවන්.උලමාව දැකපු අය කියන්නේ උලමාගේ ඔලුවේ හැන්දක
හැඩය තියෙන පිහාටුවක් තියෙනවලු.ඒ හැඩය නිසාම අර වගේ කතාවක් ගෙතුනා වෙන්නත්
පුලුවන්.මොනවා උනත් මිනිස්සු නම් කියන්නෙ එහෙම පිහාටුවක් පිහිටලා තියෙන්නේ
පුරාවෘතයේ එන අම්මා හැන්දෙන් ඔලුවට ගහ ගත්තු නිසාලු.
අපි මෙච්චර වෙලා කතා කරේ පුරාවෘත්තය ගැනනේ.සත්ව විද්යාත්යයන්
කියන්නේ උලමා මේ විදිහට කෑ ගහන්නේ තම විරැද්ධ ලිංගිකයින් තමා වෙත ආකර්ෂණය
කර ගන්නයි.උලමාගේ තවත් විශේෂ හැසිරීමක් තියෙනවා. ඒ තමයි ඌ ගහක එක තැනක ඉදන්
කෑ ගැසීම පටන් ගෙන ඒ ගහේම වෙනත් අතු වලටත් ලිහින් කෑ ගසා ආයෙත් පටන් ගත්
තැනටම ඇවිත් කෑ ගැසීම නතර කිරීමයි.මේ හැසිරීම ගැන නම් සත්ව විද්යාත්යයන්
කුතුහලයක් තියෙනවා.
ඇත්තටම උලමා කියන්නේ උකුසු පරපුරට අයත් පක්ෂි විශේෂයක්.ලංකාවේ
සෑම වනානතරයකම ජීවත් වෙන උලමගේ හඩ අහන්න ලැබෙන්නෙනන් කලාතුරකින්.(ඒකටත් පව
තියෙන්න ඕන).“ෆොරස්ට් ඊගල් අවුල්“ කියලා කියන්නේ අපි ඔය උලමා කියලා කියන
සතාටම තමයි.හැබැයි බුවා රාජාලියෙකුටත් වඩා පොඩ්ඩක් ලොකුයි.ඉතින් කොහොමද රෑක
තනියම යනකොට මූ සද්දෙ දාගෙන ඉස්සරහට ආවොත්?පට්ටයි නේ.අනිවා තොවිල් නටන්න
වෙනවා.උලමා කියන්නෙ කොච්චර ඩයල් එකක්ද කියනවනන් බුවා සුද්දොත් බය කරල
තියෙනවා.රොබට් නොක්ස්ව තමයි බය කරලා තියෙන්නෙ. රොබට් නොක්ස් ලියපු “එදා
හෙලදිව“ වාර්තාවෙත් උලමා ගැන ලියල තියෙනවා.ඇයි තව විශාරද ගුණදාස කපුගේ ගයන
“උලලේනෝ“ කියලා ගීතයකුත් තියෙන්නේ.
උපුටාගත්තේ බැලුම්ගල බ්ලොග් එකෙන්
Thursday, June 1, 2017
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment